www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

දිනපතා යාඥාව උදෙසා බයිබල් පද

ගීතාවලිය 62

මාගේ ආත්මය ස්වාමින් වහන්සේ කෙරෙහි පමණක් බලාසිටියි.
මාගේ ගැලවීම පැමිණෙන්නේ උන්වහන්සේ ගෙන්ය.
මාගේ පර්වතයත්, මාගේ ගැලවීමත් උන්වහන්සේ පමණක්ය.
උන්වහන්සේ මාගේ බලකොටුවය.
මම බොහෝසෙයින් නොසෙල්වෙමි.

මාගේ ආත්මය දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලාසිටුව.
මගේ රක්ෂා ස්ථානය දෙවියන්වහන්සේ තුලය.
ජනයෙනි, සැමවිටම උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරව්.
උන්වහන්සේ ඉදිරයේ නුඹලාගේ සිත් වගුරුවව්.
දෙවියන්වහන්සේ අපට රක්ෂාස්ථානයක්ය.
සැබවින්ම අධමයෝ නිශ්ඵලකමය.
උත්තමයෝද බොරුවක්ය. තරාදියෙහි දැමුවොත් ඔවුන් ඉහලමට යනවා ඇත.
බලහත්කාරකම කෙරෙහි විශ්වාස නොකරව්.
කොල්ල කෑම ගැන අහංකාර නොවව්.
වස්තු වැඩි වුනත් ඒවා කෙරෙහි විශ්වාසය නොතබව්.

දෙවියන්වහන්සේ එක වරක් කීසේක, මම මෙය දෙවරක් ඇසීමි.
එනම්, බලය සහ කරුණාව දෙවියන්වහන්සේට අයිති බවය.
මක්නිසාද දෙවියන්වහන්සේ එක එක මනුෂ්‍යයාට ඔවුන්ගේ ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල දෙනසේක.
ගීතාවලිය 62

©2016- darmadasa.org (දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි.)